පැරණි ලක්දිව ගමක් තවත් ගමකින් වෙන් වුණේ ස්වභාවික පාරිසරික සීමා මායිම්වලිනි. ගංගා, ඇළ දොළ කඳු වනබිම් වැනි ස්වභාවික මායිම් ද මංපෙත් වෙල්යායන්ද ගමක් තවත් ගමකින් වෙන් කරන මායිම් විය. ගමේ වෙසෙන ගැමියන්ගේ ගෙවතු වෙන් කෙරෙන මායිම් සඳහා බොහෝ විට වූයේ පැලඉනි වැටකි. වැට එඬරු, එරබදු, ගිනිසීරියා, ගංසුරියා, අන්දර ආදී පැළැටි හා ගස් ගෙවතු වටා දක්නට ලැබුණි. ගෙවතු කිහිපයක් එක දිගට මායිම් වන පැළ ඉනිවැටක් ඇතිවිට ඒ ආශ්‍රිතව බඩවැටියක් තිබෙනු දක්නට ලැබුණි. බෝවිටියා, මාදං, පලුකං, කරඹ, ඇඹිල්ල, බාලොලියා, බලුදං, පේරආදියෙන් යුක්ත මේ බඩවැටිය
ගමේ ළමුනට නදුන් උයනක් විය.

Comments
Post a Comment